මේ රටේ ජනතාවගේ මුදල් සාංඝික දේපළ වගේ රකිනවා…! – මාලිමා මන්ත්‍රී…

February 5, 2025 at 9:36 am | by emanisa.lk

දේශපාලනඥයන් මහජන මුදලින් නඩත්තු වෙමින් මජර ජීවිත ගතකිරීම මේ රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම පවසයි.

“තමන් මහජන මුදලින් නඩත්තු වෙන මජර ජීවිත ගතකිරීම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක මේ රටේ මිනිස්සු අප්පිරියා කරන දෙයක්.

මේ රටේ මහ ජනතාවගේ මුදල් අවභාවිත කරන්න අපි ඉඩ දෙන්නෙත් නෑ, අපි කරන්නෙත් නෑ. ඒවා සාංඝික දේපළ වගේ ආරක්ෂා කරනවායි කියන එක අපේ මැතිවරණයේදී අපි ප්‍රකාශ කළා.”

උපුල් අබේවික්‍රම මේ බව පැවසුවේ ඊයේ (04) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *