මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ බලය අවසන් කළා…! – සෝභිත හිමි..

July 10, 2022 at 9:24 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ධූරයෙන් ඉවත් විය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

ඒ සමග ම මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ බලය ද එතැනින් අවසන් බව උන් වහන්සේ අවධාරණය කළහ.

70 ලක්ෂයකට වැඩි ජනතාවක් පාරට බැස 69 ලක්ෂයක් ජනතාව බලයට පත්කළ ජනාධිපතිවරයාගේ බලය නිෂේධනය කර ඇකි බව  එහිමියෝ පෙන්වා දුන්හ.

ඊයේ (09) කොළඹ දී සර්වාගමික පූජකතුමන්ලා පිරිසක් සමග මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෝභිත හිමි මේ බව සඳහන් කළහ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *