මේ බෞද්ධ රටේ ඕනෑම තැනක බුදු පිළිම තියන්න පුළුවන්… බෞද්ධයෝ එනවා නම් උතුරේ ජනතාවට හොඳයි…! – වෛද්‍ය ඒ.ආර්. ක්‍රිෂාන්….

February 24, 2026 at 1:56 pm | by emanisa.lk

තිරිකුණාමලය බෝධිරාජ විහාරයේ බුදු පිළිමය තැන්පත් කිරීම පදනම් කරගෙන භික්ෂූන්ව වහන්සේලා අත්අඩංගුවට ගැනීම තමන් තරයේ හෙළා දකින බව අරුණළු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ඒ.ආර්. ක්‍රිෂාන් පවසයි.

හින්දු ආගමික ඉන්දියාවේ පෞද්ගලික හොටෙල්වල මෙන්ම නිවාසවලද බුදු පිළිම තබා ඇති බවත් මේ බෞද්ධ රටේ ඕනෑම තැනක බුදු පිළිම තැබීමට හැකි විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

තිරිකුණාමලයේ විහාරස්ථානවලට දකුණේ බෞද්ධ ජනතාව යන්නේ නම් එය ප්‍රදේශයේ දෙමළ මුස්ලිම් ජනතාවට සිය කර්මාන්ත ව්‍යාපාර දියුණු කර ගැනීමට කදිම අවස්ථාවක් බවද වෛද්‍ය ඒ.ආර්. ක්‍රිෂාන් ප්‍රකාශ කරයි.

මෙම යථාර්ථය එම ජනතාවට පෙන්වා දීම ආණ්ඩුවේ වගකීම බවත් සිය පක්ෂයද පසුගිය මැතිවරණවලදී ආණ්ඩුවට සහයෝගය ලබාදුන් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *