මේ පාර ජනාධිපතිවරණේ දිනන්නේ රනිල්…! – වික්ටර් අයිවන්…

September 8, 2024 at 5:22 pm | by emanisa.lk

2024 ජනාධිපතිවරණය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජය ගැනීමට වැඩි ඉඩක් ඇතැයි මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.

ඔහු පවසන්නේ ඉතිහාසයේ සෑම අවස්ථාවක ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු පමණක් සිටිය ද මෙවර තිදෙනෙකු සිටින බවයි.

මේ අවස්ථාවේ විපක්ෂයට යම් වාසියක් තිබුණ ද විපක්ෂයේ ඡන්ද පදනම සජිත් සහ අනුර යන ප්‍රධාන පාර්ශ්ව දෙකක් අතර බෙදී යෑමේ වාසියෙන් රනිල් වික්‍රමසිංහ ජයගැනීමට ඉඩ ඇති බවයි, වික්ටර් අයිවන් ප්‍රකාශ කළේ.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් වික්ටර් අයිවන් මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *