මේ පාර අපට ලැබුණේ වෙනස් ජනතා කැමැත්තක්….! – නි. ඇමති රත්න ගමගේ…

May 14, 2025 at 2:49 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ඡන්දය ලබා දීමේ දී ජනාධිපතිවරණය සහ මහා මැතිවරණයට එහා ගිය වෙනත් ජනතා කැමැත්තක් අනාවරණය වන බව නි. අමාත්‍ය රත්න ගමගේ පවසයි.

තමන් එහි යථාර්ථය තේරුම් ගෙන ඇති අතර හැම සිදුවීමකින් ම උගත් පාඩම් සැලකිල්ලට ගන්නා බවත් හෙතෙම අවධාරණය කරයි.

බොහෝ තැන්වල විපක්ෂයට එකතු වූ දේශපාලන ව්‍යාපාර තමන් සමග එකතු වෙමින් ඇතැයි ද යහපත් අරමුණින් එකතු වන අය සමග එකතු වී ඉදිරියට යන බව ද රත්න ගමගේ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *