හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනු කර ඇති නඩුව නිසා වර්තමාන ආණ්ඩුව ද බිය විය යුතු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
“මේ සිදුවීම නිසා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස විතරක් නෙමෙයි, මේ ආණ්ඩුවේ අයත් බය වෙන්න ඕන. දැනටමත් කියලා තියෙනවා නෙ, ඒගොල්ලෝ බලයට ආවම අනුර කුමාර දිසානායකගේ ගනුදෙනු හොයනවා කියලා.
ඒක හොඳයි. ඒක තමයි වෙන්න ඕන. අනුර කුමාර දිසානායක විතරක් නිදහස් නෑනේ. අනුර කුමාර දිසානායක හෙලිකොප්ටරේ අම්මා බලන්න ගියා කියනවා. ඔව් ඒවා හොඳයි.”
මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව කීය.