හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිශ්ඵල කාර්යක් සඳහා කාලය වෙන්කිරීම අපරාධයක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් පවසයි.
“මගේ කාලය අපරාදේ. එතුමාට තනියම ඕන දෙයක් කියා ගන්න කියන්න. එතුමා කියලා තිබුණා එතුමා සිංහයෙක් කියලා. එතුමා සිංහයෙක් නැද්ද කියලා රටේ ජනතාව දන්නවා.
මීට කලින් කළු ඇඳගෙන කඩුවකුත් අරන් ලෙන් දොර බින්දා කියලා සිංහයෙක් වගේ ආව. ඒවා නිකං විහිළුවක් වෙලා
මේ දවස්වල බල්ලෝ අනිනවා. මී හරක් බුරනවා. නරි හිනාවෙනවා. සිංහයෝ බලා සිටිනවා. මේක මම නෙමෙයි, 90 දශකයේ රිචඩ් ද සොයිසා කියන මාධ්‍යවේදියා කීවේ. ඒක එදාට වඩා අදට ගැළපෙනවා.”
ඊයේ (06) කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් විජිත හේරත් මේ බව කීය.