මෙවර මහා මැතිවරණය පැවැත්වෙන්නේ රටේ දේශපාලනය විකෘතියක් බවට පත්වූ පසුබිමක බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ජනතාව 76 වසරක් තිස්සේ රැලිවලට ගසාගෙන යමින් ඡන්දය භාවිත කළ ද රටට සිදු වූ සෙතක් නොමැති බවයි, ඔහු පෙන්වා දුන්නේ.
මේ ආකාරයට විවිධ රැලිවලට හසුව ඡන්දය භාවිත කිරීමෙන් රටට අත්වන සෙතක් නොමැති බවත් ජනතාව බුද්ධියෙන් තීන්දු ගතයුතු බවත් ෆීල්ඩ් මාර්ෂල් අවධාරණය කරයි.
පාර්ලිමේන්තුවට පළපුරුදු පිරිසක් පත්කළ යුතු බවත් ප්‍රාදේශීය සභාවකවත් නොසිටි අයකු පාර්ලිමේන්තුවට ගියහොත් ඔහු අනිවාර්යෙන් අසාර්ථක වන බව ද සරත් ෆොන්සේක ප්‍රකාශ කරයි.
අද (14) සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.