මේ ගේන්නේ පොහොසත් දරුවන් උඩින් තබන අධ්‍යාපන ක්‍රමයක්… දරුවාගේ අනාගතය තීන්දු කරන්නේ විභාග නෙමෙයි, ගුරුවරු…!

January 10, 2026 at 5:24 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව යෝජනා කරන නව අධ්‍යාපන ක්‍රමය 1980 දශකයේ රනිල් වික්‍රමසිංහ යෝජනා කළ ධවල පත්‍රිකාවේම ඉදිරි දිගුවක් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ගමේ අහිංසක දුප්පත් පවුල්වල දරුවාට ඉදිරියට යෑමට තිබූ එකම මාර්ගය මෙමගින් අහුරා දමන බවට ද ඔහු චෝදනා කරයි.

එමගින් දරුවාට සමාජ සාධාරණත්වය ඉටු නොවන බවත් නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ පැවති සමාන අවස්ථා අහිමි කර ඇති හැකි දරුවා ඉදිරියෙන් තබන අධ්‍යාපන ක්‍රමයක් මෙමගින් බිහි වන බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

දරුවාගේ හැකියාව ස්වාධීන විභාගයකින් තීරණය කිරීම වෙනුවට ඉදිරියට යන දරුවා තීරණය කිරීමට ගුරුවරයාට අභිමතයක් ලබා දී ඇති බවත් දරුවා අපක්ෂපාතීව ඇගයීමේ අවස්ථාව මෙමගින් අහිමි වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සර්වජන සභා පිහිටුවීමේ අවස්ථාවට දෙබරවැව මැණින්රාජ රාජමහා විහාරයේ දී අද (10) එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *