මේ එන්නේ ගෙම්බෝ රැළ ‘රනිල් හොඳා…යි’ කියන කාලේ..! – ගම්මන්පිල….

June 29, 2024 at 5:22 pm | by emanisa.lk

ශුභ ආරංචියක් යැයි ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කළේ වසර දෙකක් පැරණි පිළුණු පුවතක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

විවිධ රටවල රජයන් සමග ජනතාවගේ මුදල් පිළිබඳ පොළී අඩු කිරීමට, ණය ගෙවීම කල් දැමීමට එකඟතා පහසු වුව ද සිය පෞද්ගලික ණය ලබා දුන් පුද්ගලයන් එසේ කිරීමට නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරණය ආසන්න වීමත් සමග එළඹෙන ජුලි අගෝස්තු සල්ලි මළුවලට එහා මෙහා පනින ගෙම්බන්ගේ මාසය බවත් ගෙම්බන් “බක බක වෙනුවට රනිල් හොඳායි රනිල් හොඳායි” කියා හඬ නගනු ඇති බවත් උදය ගම්මන්පිල පෙන්වාදෙයි.

අද (29) මව්බිම ජනතා පක්ෂ ගාල්ල සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *