පසුගිය මැතිවරණ ඉතිහාසය සමග සැසඳීමේ දී මෙම මහා මැතිවරණය ඉතා ම සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඉල්ලා සිටියේ සියලු ඡන්දදායකයන්ට ඡන්දපොළට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.
එය ආයෝජනයක් ලෙස සලසා රටේ අනාගතය තීරණය කිරීමට බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අද (14) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කීය.