මේ ආණ්ඩුව නිවාස මත සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය මරා දැම්ම…!

March 28, 2026 at 6:21 pm | by emanisa.lk

2010 වසරේ සිට මේ රටේ නිවාස වහළ මත සෝලා විදුලි බලාගාර අරම්භ කළ බවත් ඒ සඳහා වියදම දරා ඇත්තේ ජනතාව බවත් හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එමගින් ගි.වො. පැය 11.3ක් විදුලි නිෂ්පාදනය කර ඇති බවද එය තවත් ඉදිරියට ගෙන යා යුතුව තිබූ බවද ඔහු ප්‍රකාශ කරයි.

එහෙත් වර්තමාන ආණ්ඩුව නිවාස මත සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය මරාදැමූ බවට හිටපු ඇමතිවරයා චෝදනා කරයි.

සූර්ය විදුලි ඒකකයක් සඳහා ලබාදුන් මිල අඩුකර ඒ කර්මාන්තයේ සිටි ආයෝජකයන් 300කට සහ සේවකයන් දහස් ගණනකට ආණ්ඩුව යනඑන මං නැති කොට රට හුන්ඩුවක් යැයි කියන බවද පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ස්වර්ණවාහිනී රතුඉර වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *