වර්තමාන ආණ්ඩුව ජනතාව විසින් හදාගත් මහජන ආණ්ඩුවක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පවසයි.
“මේකේ පරම්පරාවෙන් බලය ගත් අය නෑ. තාත්තගෙන් පුතාට ගිය බලයක් නෑ. මහත්තයගෙන් නෝනට ගිය බලයක් නෑ. නෝනගෙන් මහත්තයට ගිය බලයකුත් නෑ.
මේකේ තියෙන්නේ ඔබ දීපු බලය. මේ ඔබ. මේ ඔබේ ආණ්ඩුව. අයේ දෙපාරක් හිතන්න දෙයක් නෑ. ඒ නිසා ඔබට ඕන ඒවා තමයි මේකෙන් කරන්නේ.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිම හෙට්ටිආරච්චි මේ බව කීය.