මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් බෑ… උසුළු විසුළු කරන අයටත් ඉදිරියේ දී නඩු වැටෙනවා…! – නි. ඇමති මහින්ද ජයසිංහ….

June 1, 2025 at 11:02 am | by emanisa.lk

වත්මන් රජයට උසුළු විසුළු කරන විපක්ෂයේ බොහෝ දෙනෙකුට ද විවිධ චෝදනා ඇති හෙයින් ඔවුන්ට එරෙහිවත් ඉදිරියේ දී නීත්‍යානුකූල පියවර ගන්නා බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“ඔය වගේ නක්කල් දාන එක, කෝචොක් කරන එක, උසුළු විසුළු කරන එක හැර ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නෑ. හොරු අල්ලන්න නෙ ආවෙ මෛත්‍රීපාලලා රනිල්ලා. හැබැයි හොරුත් එක්ක නිදාගත්ත විදිහ අපි හොඳින්ම දැක්කා. විපක්ෂයේ උසුළු විසුළු කරන අයටත් ඉදිරියේදී, ඒගොල්ලොන්ටත් තියෙනවා බොහෝ චෝදනා. ඉතින් ඒගොල්ලො පිළිබඳවත් ඉදිරියේදී නීත්‍යානුකූල කටයුතු සිදුවෙයි.”

අපි ගම්මන්පිලටත් අනික් සියලු දෙනාටත් කටමැත දොඩවන්න එපා කියලා ඉතාමත් හොඳින් අවධාරණය කරන්න, අවවාද කරන්න ඕනෙකම තියෙනවා. මොකද අර කටමැත දොඩවපු කෙනෙක් දැක්කානෙ රනිල් වික්‍රමසිංහගෙ හල්ලොලුවද කවුදෝ … එයාට වෙච්ච දේ දැක්කානෙ. මේ ආණ්ඩුවත් එක්ක පරණ ආණ්ඩු එක්ක වගේ සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා.”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (31) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *