විශාල ජන බලයකින් බලයට පත්වුණු ආණ්ඩුවක් අවුරුද්දක් යනවිට පෙරළන්න උත්සාහ කිරීම ප්‍රඥා ගෝචර නැතැයි හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
“විශ්වාසභංග යෝජනා තනි තනියම ගේන්න පළමුව විපක්ෂය විදියට තමන් පැහැදිලි ප්‍රතිපත්තිමය තීන්දුවලට එන්න ඕනෑ. තැන් තැන්වල රැස්වුණාට වැඩක් නැහැ. එක පොදු අරමුණකට එන්න ඕනෑ. ඒ සඳහා ඉඩකඩ තියාගෙනයි වැඩ කරන්න ඕනෑ.
ජනතාව වත්මන් ආණ්ඩුවට වසර 5කට බලය දුන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න. විශාල ජන බලයකින් බලයට පත්වුණු ආණ්ඩුවක් ඇවිත් අවුරුද්දක් යනකොට පෙරළන්න යන එක ප්‍රඥා ගෝචර නැහැ කියලයි මම හිතන්නේ.
ජනතාව බලයක් දීලා තියෙන්නේ ඒ අයගේ ප්‍රතිපත්ති පිළි අරගෙනයි. ඒ නිසා ආණ්ඩුවට ඉඩ දෙන්න ඕනෑ. විපක්ෂයේ දේශපාලන පක්ෂ එකමුතුවෙන් සැකසුව දේශපාලන නොවන වේදිකා ඉතිහාසයේ සිට පැවතුණා.
අපි අතරේ සිටින සමහර විද්වතුන්, විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන් දේශපාලන පක්ෂවලට බැඳිලා කටයුතු කරන ප්‍රවණතාවක් නැහැ.”
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.