මේ ආණ්ඩුවේ වැඩ අවුරුදු 12න් පහළ කණ්ඩායමක් world cup ගියා වගේ…! – අර්ජුන රණතුංග..

April 5, 2026 at 1:54 pm | by emanisa.lk

පසුගිය මැතිවරණවලදී වර්තමාන පාලකයන් පත්කර ගැනීමට ජනතාව ගත් තීන්දුව නිසා එම ජනතාව දුක් විඳිමින් ඇතැයි හිටපු ක්‍රිකට් නායක, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

”මම හිතුව දේශපාලනයෙන් අයින් වෙලා ඉන්න ඕන කියල, එත් මේ රට යන විධිහට මට හිතෙනවා නැවත වරක් අපි එකතු වෙන්න ඕන කියලා. තවම මම ඒ තීරණය අරගන නෑ. නමුත් ඉදිරි මාස කීපය තුල ඒ තීරණය මම ගන්නවා. මහනායක හාමුදුරුවරු, දේශපාලන නායකයන් සමඟ මම කතා කරනවා.

රටේ මිනිස්සුන්ට වෙනස් දෙයක් ඕන කියල තිබුන, ඉතින් ඒ දේ ලබලා දුන්නා.. දැන් ඒ මිනිස්සුන්ට හිතෙනවා ඇති ඒ කරපු දේ හරිද වැරදි ද කියලා…මම පැත්තකට වෙලා හිටියේ අලුතින් පත් උන අයට කාලයක් දෙන්න ඕන නිසා.. නමුත් මේ යන විදිහත් එක්ක මම නැවතත් එන්න තීරණේ කරනවා.
අපේ රටට හොඳ දේශපාලන නායකයන් අවශ්‍යයි. අපි 2015 ත් එකතු වුණේ එකට, මේ රට මෙහෙම ගියොත් අපේ දරුවන්ටවත් මේ රට ඉතුරු වෙන්නේ නෑ.

මේ අයට කිසිම අත්දැකීමක් නෑ, ඒගොල්ලෝ කියවනවා විතරයි. මම මේවා කියල නෑ, නමුත් මම දැන් තේරුම් අරන් ඉන්නවා මේ වගේ කණ්ඩායමක් මේ ඉන්නේ කියල. මේක මේ රටේ මහජනතාව ගත තීරණයක්.

ඒ අය දුක් විඳින්නේ ඒ අය ගත්ත තීරණයක් නිසා..රටට අවශ්‍යතාවයක් තියනවනම් අපි නැවත දේශපාලනේ කරන්න ඕන කියල, අපි ඒ දේ කරනවා, නැත්නම් මම මගේ මුනුබුරු, මිනිබිරියන් එක්ක සතුටින් ඉන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස