මේ ආණ්ඩුවට ලොකුම අභියෝගය ආණ්ඩුවමයි… රටට කී බොරු පාරාවළලල්ලක් වෙලා ඉවරයි…! – නාමල්…

November 11, 2024 at 9:28 am | by emanisa.lk

ආණ්ඩුවට ඉදිරියේ දී ලොකුම අභියෝගය වන්නේ ජනාධිපති අනුර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අලු‍ත් පරම්පරාව තීන්දු කළේ අලු‍ත්ම දේශපාලන සංස්කෘතියක්. ඒ සංස්කෘතිය අවබෝධයෙන් බොරු කියන එකද? දේශපාලන වාසි ලබාගන්න මැතිවරණ වේදිකාවේ අසීමිත බොරු කිව්වා.

සියට තුනේ සිට හතලිස් දෙකට ආවා. හිතාගෙන ඉන්න එපා අල්ලගෙන ඉන්න පුළුවන් කියලා. පසුගිය කාලයේ අරගල කළා. ඒත් ඇතැම් අය දේශපාලන වාසි ගන්න අරගල කළා. මගෙන් සමහරු අහනවා අනුර කුමාර දිසානායක මහතාට ඊළඟ අවුරුදු පහේ අභියෝගයක් වෙන්නේ කව්ද කියලා. රනිල් වික්‍රමසිංහද? නාමල් රාජපක්ෂද? සජිත් ප්‍රේමදාසද? කියලා.

එයට අභියෝගයක් වෙන්නේ වෙන කවුරුන් හෝ නොවෙයි. ඔහු සහ ඔහුගේ කණ්ඩායමමයි. මොකද මැතිවරණ වේදිකාවේ කියපු බොරු ඔප්පු කරගන්න බෑ. ඔහු කිව්ව බොරු පාරා වලල්ලක් වෙලා. ජනාධිපති වෙන්න කලින් අයිඑෆ්එම් යන්නේ නෑ කිව්වා. ඒත් ආපු ගමන් අත්සන් කළා. ලියවිල්ලේ මොනවද තියෙන්නේ කියලාවත් බැලු‍වේ නෑ. මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කිව්වා. අපි බැරි දේවල් මැතිවරණ වේදිකාවේ කියන්නේ නෑ.”

පානදුර, කළුදෑවල ප්‍රදේශයේ පසුගියදා (08) පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී ඒ මහතා එසේ ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *