මේ අයවැයෙන් කේතුමතියක් බිහි වෙන්නේ නෑ…! – ඇමති බිමල් රත්නායක….

February 20, 2025 at 11:25 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් සහ ජනාධිපතිවරයා විසින් පුනරාවර්තන වියදම්වලින් රුපියල් බිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර, එය අයවැය හරහා ජනතාවට ලබාදී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“අපි ආර්ථික අර්බුදයක් තියෙන රටක්. අපි ස්විට්සර්ලන්තෙවත් ලක්සම්බර්ග්වලවත් නෙවෙයි ඉන්නෙ. අපි දේශපාලනඥයින් විදියට, ඇමතිවරු, ජනාධිපති විදියට බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් පුනරාවර්තන වියදම් ඉතුරු කරලා ඒවා තමයි ජනතාවට දීලා තියෙන්නෙ. නැතිව අපට ඩේසි ආච්චිගේ මැණික් මලු නෑනෙ.

මම දැක්කා අද කාටුන් තියෙනවා අර පරණ කාටුන්ම ඇඳලා. හැන්දෙ චූටි පැත්ත තියෙනවා ජනතාවට, ලොකු පැත්ත තියෙනවා කොහෙටද ඒක මාර්ක් කරලා නෑ. මේ අයවැයෙන් මොනවද දේශපාලනඥයන්ට බෙදාගෙන තියෙන්නෙ? මොකුත් නෑ. අපි කොහෙත්ම කියන්නෙ නෑ මේකෙ මේ කේතුමතිය නිර්මාණය වෙනවා කියලා.”

බිමල් රත්නායක ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (20) මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *