රටක ආර්ථිකය, ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති එකට ගමන් කරන බවත් බුද්ධි අංශ එහිලා සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරන බවත් හිටපු හමුදාපති, මේජර් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.
ලොව කිසිදු රටක බුද්ධි අංශ පාවා නොදුන්නද පසුගිය කාලවල මෙන්ම වර්තමානයේද මෙරට බුද්ධි අංශ අවාසනාවන්ත ලෙස පාවාදෙමින් ඇතැයිද එම ක්‍රියාදාමය පිළිබඳ කනගාටු වන බවද හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ යුද හමුදාවට බැඳී පුහුණු වූයේ තමන් යටතේ බවත් ඔහු ඉතාම විශ්වාසනීය නිලධාරියෙකු බවත් බුද්ධි අංශවල විශේෂ රාජකාරියක් ඔහු ඉටුකළ බවද මහේෂ් සේනානායක අවධාරණය කරයි.
සුරේෂ් සලේ අනාගතය දැක කැපවීමෙන් කටයුතු කළ යුද සමයේද බුද්ධි තොරතුරු ලබා දෙමින් ඉතාම දක්ෂ ලෙස කටයුතු කළ නිලධාරියෙකු බවද හිටපු හමුදාපතිවරයා පෙන්වා දෙයි.
මේ වන විට ජාතික ආරක්ෂාව දුර්වල වෙමින් පවතින බවත් 1970 දශකයේ ආරම්භ වූ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය රටට අතිවිශාල විනාශයක් ඉතිරි කර අවසන් වූ බවද 1971 සහ 1989ද එවැනිම භයානක ප්‍රතිඵල අත්කර දුන් බවද හෙතෙම ප්‍රකාශ කරයි. මුස්ලිම් අන්තවාදයද භයානක බවද එහි ගිනි පුපුරු තවමත් අළු යට පවතින බවද හිටපු හමුදාපති මහේෂ් සේනානායක අවධාරණය කරයි.