රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් විසිනි. එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
මේ අතර සුරේෂ් සලේ පාස්කු ප්‍රහාර නඩුවේ තෙවන විත්තිකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.