වගා කරන කුඹුරු ඉඩම්වලින් තුනෙන් එකක්වත් අඩු නොකළහොත් ගොවි ජනතාවත්, කෘෂි කර්මාන්තයත්, රටේ ආර්ථිකයත් බරපතළ අර්බුදයකට ලක්වන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
මාස් කන්නයේ අස්වනු ලැබීමටත් පෙර සිටම වෙළඳපොළේ වී සහ සහල් තොග පවතින බවත්, නිෂ්පාදිත වී අලෙවි කිරීමට ප්‍රමාණවත් ඉල්ලුමක් හෝ වෙළඳපොළක් නොමැති බවත් ඔහු පෙන්වා චෙයි. වී අලෙවි මණ්ඩලය සතු වී තොග මුදා හැරියහොත් වී සහ සහල් මිල තවත් පහත වැටෙනු ඇතැයිද ඔහු අනතුරු අඟවයි.
ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය මිස පෙරදිග වී ගාරය නොවන බවත් ධාන්‍යාගාරය සංකල්පයෙන් ලංකාව අසමත් වී ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි. කවුරු අකමැති වුවද දැනට වගා කරන කුඹුරුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් නතර කිරීමට සිදුවන බවද ඇමති කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (26) පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති සුපිරි වී යාය වැඩසටහනට එක්වෙමිනි.