මේක කොවඩි වගේ ලෝකයටම පොදු ගැටලුවක්… ඒ නිසා ජනතාව තෙල් පෝලිම්වල ඉන්නේ සතුටින්…! – සංජය මහවත්ත…

March 21, 2026 at 11:35 am | by emanisa.lk

වත්මන් ඉන්ධන පෝලිම්වල සිටින ජනතාව රජය කෙරෙහි වෛරයකින් තොරව සතුටින් පසුවන බව සිවිල් බුද්ධි පෙරමුණ කැඳවුම්කරු සංජය මහවත්ත ප්‍රකාශ කරයි.

ඔහු සඳහන් කර සිටියේ, පෝලිම්වල සිටින ජනතාව ගෝලීය ආර්ථික අවපාතය, ගෝලීය යුද්ධය සහ බලශක්ති අර්බුදය පිළිබඳව මනා දැනීමක් ඇතිව එහි රැඳී සිටින බවය.

මේ හේතුවෙන් තෙල් සහ ගෑස් නැව් පැමිණීම ප්‍රමාද වන බව දන්නා ජනතාව ඉතාමත් සංයමයකින් යුතුව පෝලිම්වල රැඳී සිටින බව ඔහු පෙන්වා දෙයි.

මෙම අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන බවත්, බ්‍රසීලය, මැලේසියාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් 150කට අධික ප්‍රමාණයක මේ වන විටත් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් සංජය මහවත්ත පවසයි.

මෙය කොරෝනා වසංගතය මෙන් මුළු ලෝකයටම පොදු ගැටලුවක් බවත්, මෙවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාට හෝ බලශක්ති අමාත්‍යවරයාට පමණක් දොස් පැවරීම අසාධාරණ බවත් ඔහු අවධාරණය කරයි.

විපක්ෂයේ දේශපාලනඥයන් ජනතාව කුපිත කරවන අන්දමේ ප්‍රකාශ නිකුත් කරන බවට චෝදනා කළ හෙතෙම, ජනතාව දැන් එවැනි දේ පිළිගැනීමට සූදානම් නැති බව ද පවසයි.

ලෝකයම ආර්ථික වශයෙන් ඇද වැටෙමින් පවතින මොහොතක වත්මන් රජය රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ අවබෝධ කරගෙන ජනතාව කටයුතු කළ යුතු බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *