මේ මොහොතේ පාලනය ලබා දිය යුත්තේ අත්දැකීම්, පරිණතභාවය බහුල රනිල් වික්‍රමසිංහට පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
අවශ්‍ය නම් “එල් බෝඩ්” දේශපාලන පක්ෂවලට අනාගතයේ යම් දවසක රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවයි, ඔහු ප්‍රකාශ කළේ.
එක්සත් ජාතික පක්ෂය හැම විට ම ඇත්ත කියන පක්ෂයක් බව කී අබේවර්ධන මහතා කවුරුන් හෝ මේ මොහොතේ ජනතාවට බොරු කියා යන පාර වෙනස් කළහොත් ඡන්දෙන් පසුව ඒ අයගේ ගෙවල්වලට ගොස් කන්න බොන්න ඉල්ලා ගන්නට ජනතාවට සිදුවනු ඇති බවට ද අනතුරු අඟවයි.
වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (17) පැවැති එක්සත් ලක්වනිතා පෙරමුණේ රැස්වීමක් අමතමිනි.