සුබ නැකතට රට අනුරට කියමින් පුනරුද ආණ්ඩුව පත්කර ගත් ජනතාව කබළෙන් ළිපට වැටී කන කර උකස් කර දුක සේ අවුරුදු සැමරීමට සූදානම් වන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
එහෙත් ඇමති කේ.ඩී. ලාල්කාන්තට මෙන්ම ගල් අඟුරු වංචාවෙන් මඩිය තරකර ගත් සෙසු ඇමතිවරුන්ටද අවුරුදු සුබ වී සුබ නැකතට අවුරුදු කන බව ඔහු ප්‍රකාශ කරයි.
ඉස්සර මෙන් නොව මේ අවුරුද්දේ කොහාද කෑ ගහන්නේ ‘ගල් අඟුරු කුමාර, ගල් අඟුරු කුමාර’ කියා බවයි, චමින්ද විජේසිරි සඳහන් කළේ.