මෙතෙක් පාර්ලිමේන්තුවේ හි⁣ටියේ හොරු දූෂිතයෝ… රන්වලට වුණේ සුළු අතපසුවීමක්..! නි. ඇමති අබේසිංහ…

December 16, 2024 at 9:42 am | by emanisa.lk

මෙතෙක් කල් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළේ දූෂිතයන්, වංචාකාරයන්, පවුල් දේශපාලනයෙන් බලය අවභාවිත කළ අය බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

අද වන විට ජාතික ජන බලවේගයෙන් පත් වී සිටින මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් ප්‍රශ්න කිරීම යන්නම සමාජ පරිවර්තනයක් බවත් ඒ ගැන සතුටු වන බවත් හෙතෙම සඳහන් කරයි.

කෙසේ වෙතත් යම් අයෙකුගේ අතපහසුවීමක් හෝ අඩුපාඩුවකින් යම් දෙයක් වී ඇත්තේ නම් එවා නිවැරදි කරගෙන ඉදිරියට යන බව ද හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම හා නව කතානායකවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *