මුව දඩයමේ ගිය පොලිස් බානට වැඩ වරදී… ගම්මු අල්ලා පොලිසියට භාරදෙති….!

July 25, 2025 at 5:05 pm | by emanisa.lk

දඹුල්ල පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ 20 මකුළුගස්වැව පොලිස් වසමේ, හීනුග්ග කනත්ත අසලදී මුවෙකුට වෙඩි තබා රැගෙන යාමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද අලුයම ගම්වාසීන් විසින් අල්ලාගෙන මකුළුගස්වැස්ව පොලිසියට භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිරානේගම උප ඒකකයේ රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයෙකු වන මහව, සියඹලාගමුව පදිංචි පුද්ගලයෙකු සහ මඩාටුගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන ගල්කිරියාගම, මඩාටුගම පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරු වන්නේ ගලේවෙල, වාසලකොට්ටේ, ගල්ගොඩයායහි පදිංචිකරුවෙකි.

මෙම සිද්ධිය සම්බන්ධය වාර්තා වන අන්දමට, 25 දින පාන්දර මෙම සැකකරුවන් කැබ් රථයකින් පැමිණ මුවාට වෙඩි තබා පිටව ගොස් ඇත. පසුව, වෙඩි තැබූ මුවා රැගෙන යාම සඳහා ඔවුන් ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් නැවත පැමිණ තිබේ. මුවා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ගම්වාසීන් පිරිසක් විසින් ඔවුන් වටලා අල්ලාගෙන වහාම මකුළුගස්වැව පොලිස් ස්ථානය දැනුවත් කර ඇත.

එම දැනුම්දිමට මකුළුගස්වැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. මුවාට වෙඩි තැබීම සඳහා භාවිත කරන ලද ගිනි අවිය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය මකුළුගස්වැව පොලිසියෙන් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *