මුලතිව් විනිසුරු මානසික රෝගියෙක්….! බිරිඳගෙන් මුලතිව් පොලිසියට ප්‍රකාශයක්…!

October 4, 2023 at 6:51 pm | by emanisa.lk

මුලතිව් විනිසුරු සරවනරාජා ධූරයෙන් ඉවත් වීමට සතියකට පෙර සිය මෝටර් රථය විකුණා දමා බටහිර තානාපතිවරුන් දෙදෙනෙකු ද හමු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එම විනිසුරුවරයාට ජීවිත තර්ජන ඇති බවට කිසිදු ආයතනයකට පැමිණිලි කොට නොමැති වුව ද ඔහුගෙන් නිරතුරුව සිදුවන හිරිහැර පිළිබඳ ඔහුගේ බිරිඳ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කොට ඇති බවයි.

සරවනරාජා විනිසුරුවරයාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පහක් ඇතැයි ද මානසික ආබාධයකින් පෙළෙන සිය සැමියාට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවට ඔහුගේ බිරිඳ මුලතිව් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

කුරුන්දි විහාරය අසල දී දෙමළ සන්ධාන මන්ත්‍රී ටී. රවිහරන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දුන් විනිසුරුවරයා, තමන්ට අවස්ථාව ලබා නොදුන් බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයට අමතරව තමන් කිසිදු තර්ජනයක් ඔහුට නොකළ බවත් සරත් වීරසේකර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *