මුලතිව් විනිසුරු ඉල්ලා අස්වෙන්න කලින් බටහිර තානාපතිලත් හමුවෙලා…!

October 2, 2023 at 9:18 pm | by emanisa.lk

ජීවිත තර්ජන ඇතැයි ඉල්ලා අස් වූ මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී. සරවණරාජා අභියාචනාධිකරණය හමුවේ විභාග වන නඩු පහකට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිට ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ BBC සේවය සමග ප්‍රකාශ කොට තිබේ.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ, විනිසුරුවරයාට ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලය ඔහුට තිබූ බවය.

මෙම විනිසුරුවරයා සතියකට පමණ පෙර කොළඹට පැමිණ සිය මෝටර් රථය ද විකුණා බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකුද හමුවීමෙන් අනතුරුව මෙලෙස ධුරයෙන් ඉවත්ව ඇති බවට තොරුතුරු අනාවරණය වූ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

විනිසුරුවරයා හිංසා කරන බවට ඔහුගේ බිරිඳ අධිකරණ සේවා කොමිසමට සිදුකළ පැමිණිල්ලක් අනුව ඔහු කැඳවා ඒ පිළිබඳ විභාගයක් සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *