මුලතිව් කෝකිලායි බුද්ධ ප්‍රතිමාව කඩයි…! බුදු මැදුරටත් බරපතළ හානී…!

May 2, 2023 at 3:27 pm | by emanisa.lk

මුලතිව් කෝකිලායි මෝය ප්‍රදේශයේ ඉදිකර තිබූ කුඩා බුදු මැදුරකට හා බුදු පිළිමයකට හානිකළ අයෙක් අත්අඩංගුවට ගත් බව කෝකිලායි පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ සිට කෝකිලායි ප්‍රදේශයට මසුන් ඇල්ලීම සඳහා පැමිණ සිටි 33 හැවිරිදි අයෙකු බවයි, පොලිසිය සඳහන් කළේ.

සැකකරු විසින් බුදු මැදුරේ බිත්තිවලට ද හානිකර ඇති අතර බුදු පිළිමය බුදු මැදුරෙන් ඉවතට ගෙන පෙරලා දැමීමෙන් පිළිමයට ද හානි සිදුව ඇත.

අදාළ ක්‍රියාව සිදුකල පුද්ගලයා කිසියම් මානසික ආතතියකින් පෙළෙන අයෙකු ද යන්න පිළිබඳව සැක සහිත බව ද පොලීසිය ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස