මුද්‍රිත බිල් ගහන්න කොළ නෑ..! විදුලි බිල SMS එකකින්..!

December 23, 2022 at 10:22 am | by emanisa.lk

ලබන ජනවාරි මාසයේ සිට මුද්‍රිත විදුලි බිල්පත් ලබා දීම නතර කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

අමාත්‍යංශය පවසන්නේ, මුද්‍රිත බිල්පත් වෙනුවට SMS පණිවුඩයක් මගින් අදාළ අය කිරීම් ගාස්තු දැනුම් දීමට පියවර ගන්නා බව ය. මෙය පළමුව නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ඇත.

එම ක්‍රමවේදය සඳහා මේ වන විට විදුලි බල මණ්ඩලයේ පරිගණක පද්ධතිය යාවත්කාලීන කරමින් සිටින බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *