මුදල් අමාත්‍යාංශ ලේකම් තනතුර සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) රසල් අපොන්සු පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
රසල් අපොන්සු මේ වන විට ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් සහ කැඳවුම්කරු වශයෙන් ද කටයුතු කරයි.
මීට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යෝජනා කළත් ඔහු එම තනතුර ප්‍රතික්ෂේප කර තිබිණි.
වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ලබන මස එම ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව ඇති අතර අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ තනතුරකට යාමට නියමිතය.