මහ බැංකු සේවකයින් සිය වැටුප් 70%කට අධික ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීම විවිධ පාර්ශ්වවල දැඩි විවේචනයට ලක් විය.
ඒ අතර මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කරන අතර මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරන මහින්ද සිරිවර්ධන ද සිටියේය.
වැටුප් දෙකක් ලබන ඔහුට ද මෙම වැටුප් වර්ධකය හිමි වීම ඇතැම් පාර්ශ්ව දැඩි ලෙස විවේචනය කළ අතර අවසානයේ ඔහු මුදල් අමාත්‍යංශ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළේය.
මේ අතර ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කැඳවා කරුණු පෙන්වා දී එම ඉල්ලීම ඉවත ප්‍රතික්ෂේප කළේ මෙසේ ද පවසමිනි.
“මම දන්නවා මේ වටකරගෙන ගහන එක ගැන, මේක පිටිපස්සේ ඉන්නෙ කවුද කියලාත් මම දන්නවා. ඔයා වැඩ කරන්නේ ඔය කාටවත් නෙවෙයි රටට සහ ජනතාවට. ඒ හින්දා මේ ඉල්ලා අස්වීමේ ලියුම අයින් කරගන්න. මම මේක ප්‍රතික්ෂේප කරනවා.”