මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීමට ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්යක්ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් තායිලනත්යට බලා අද (5) පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙයි.
අසනීප තත්වයන් පසු වූ මුතු රාජා හස්තියා පසුගියදා තායිලන්තයට බලා රැගෙන යාමට කටයුතු කර තිබිණි.
තායිලන්තය බවා ගිය කණ්ඩායමට මුතුරාජා හස්තියාට දෙහිවල සත්වෝද්‍යානයේ දී ප්‍රතිකාර කළ පශු වෛද්‍ය මධූෂා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ සත්ව ආරක්ෂක නඳුන් ඇතුළත්මුදලි ද අයත් වෙයි.
තායිලන්ත රජයෙන් කළ ආරාධනාවකට අනුව එම කණ්ඩායම පිටත් කොට හැරි බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.