මීළඟ ආණ්ඩුවේ ප්‍රබලලම පක්ෂය අපි තමයි…! – අමරවීර…

July 31, 2024 at 9:39 am | by emanisa.lk

මීළඟ ආණ්ඩුවේ ප්‍රබලතම පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

“ඉදිරියේදී අපි වැඩ කරන කෙනා තමයි මේ රටේ ජනාධිපති වෙන්නෙ. ඒ වගේම අපි තමයි මීළඟ ආණ්ඩුවේ ප්‍රබලම පක්ෂය බවට පත්වෙන්නෙ. අදත් අපි මේ පක්ෂ අතර ප්‍රබල පක්ෂයක් බවට පත්වෙමින් යනවා, සන්ධානයක් බවට පත්වෙමින් යනවා.

ඉදිරියේදී මං හිතන්නෙ දැන් ඔය එක එක පක්ෂවලින් ඉවත් වෙන කණ්ඩායම්වලට එන්න තියෙන තැන, මහ ගෙදර මෙතන. අපි ඒකට සූදානමින් ඉන්නවා ඒ හොඳ කණ්ඩායම් එක්ක එකතුවෙලා වැඩ කරන්න.

ඒ වගේම අපි හදනවා පුළුල් සන්ධානයක්. ඒ සන්ධානයට ඇවිල්ලා කට්ටියට එකතුවෙන්න පුළුවන්. ඒකෙ නීතිමය වශයෙන් සම්පූර්ණ ක්‍රියාවලිය මේ වෙනකොට අවසානයි. නඩු නෑ, හබ නෑ, මොකුත් නෑ. ඊළඟ මැතිවරණයක් තරග කරන්න පුළුවන් සන්ධානයක් අපි ගොඩනඟලා තියෙනවා. ඒක අපි ඉතාම කෙටි කාලයක් තුළ එළිදක්වන්න කටයුතු කරනවා.”

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *