මිහින්තලේ විහාරයේ විදුලිය විසන්ධි කළා නම් විදුලි බිලට පොලු තැබූ රාජපක්ෂලාගේ මැදමුලනේ නිවසේ විදුලිය විසන්ධි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න පවසයි.
මෙතෙක් කල් ගතවීත් නාමල් රාජපක්ෂගේ මංගල්‍යයට වැය වූ ලක්ෂ විසි ගණනක පොලු තැබූ විදුලි බිල හේතුවෙන් එහි විදුලිය විසන්ධි නොකළේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේ ය.
එමෙන් ම. ජල හා විදුලි බිල වැඩිකර එම ආයතන දෙකත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වෙන්දේසි කිරීමට රනිල් අතගසා ඇති බව ත් ජල බිල වැඩි කර එය වෙන්දේසි කිරීමට සූදානම්ව ඇති බවත් ඊට ජල පනත සංශෝධනය කරන බවත් ඔහු පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි මේ ආකාරයට රටේ ස්වාභාවික සම්පත් පවා විකිණීමේ ප්රයත්නයට රනිල් නිර්ලජ්ජිතව මැදිහත් වී ඇති බවට ඔහු චෝදනා කළේ ය.