මිලියන ගාණක් වැය කළත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා නෑ… මුලින්ම මන්ත්‍රීලාට ඇඟිලි සලකුණ අනිවාර්ය කරනු…! – අර්ජුන් රාමනාදන්….

August 21, 2025 at 9:16 am | by Namal

රාජ්‍ය සේයට ඇඟිලි සලකුණ අනිවාර්ය කිරීම පාර්ලිමේන්තුවෙන් ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ තුනහමාරකට අධික වැටුපක් ලැබුණ ද මන්ත්‍රීවරුන් විශාල පිරිසක් බොහෝ අවස්ථාවල එහි නොමැති බව ඔහු පෙන්වා දෙයි.

මිලියන ගණන් ධනය වැයකර පාර්ලිමේන්තුව කැඳ වුව ද පසුගිය දවස් 76න් ඇතැම් මන්ත්‍රීවරුන් පැමිණ ඇත්තේ දින 25ක් පමණක් බව ද අර්ජුන් රාමනාදන් සඳහන් කරයි.

රටේ නීති සැමට සමාන විය යුතු බවත් රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍යවරුන් ද සෙසු සේවකයන් මෙන් ඇඟිලි සලකුණ තැබීම අනිවාර්ය විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි.

ඊයේ (20) පාර්ලිමේන්තුව අමතමින් අර්ජුන් රාමනාදන් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *