මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් චීන සමාගමට සිදුවූ බව කියන රුපියල් මිලියන 880ක පමණ පාඩුව පඬුකරඳ ශාකයක් මුල් කරගෙන විරෝධතා දැක්වූ පිරිසගෙන් අයකර ගතයුතු යැයි එවක හිටපු ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ප්‍රමාද වීම හේතුවෙන් චීන සමාගමට රුපියල් මිලියන 880ක පාඩුවක් සිදුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා ප්‍රකාශ කර ඇති බවත් එම පාඩුව එවක විරෝධතාව දැක්වූ ගම්පහ දිසා වන නිලධාරි දේවානි ඇතුළු විරෝධතාවට සම්බන්ධ පිරිසගෙන් අයකර ගත යුතු බවත් හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.
මෙම වන්දි මුදල මහාමාර්ග අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යාංශය හෝ මාර්ග සංවර්ධන අමාත්‍යාංශය නොගෙවිය යුතුය යන්න තමන් ප්‍රකාශ කරන බවත් කී බන්දුල ගුණවර්ධන එම ශාකය කැබිනට් අනුමැතික් ලබාගෙන එක රැයකින් ඉවත්කිරීමට කටයුතු කළ බවද පෙන්වා දෙයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම මේ බව කීය.