වර්තමානයේ වෙඩි තැබීම් සිදු කරනුයේ පැරණි දේශපාලන කණ්ඩායම් නිර්මාණය කළ පාතාල කණ්ඩායම් බවත් වෙඩි තැබීම් හෙට දිනයේ වුවද විය හැකි බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
“නැවත නැවත කියන්න ඕනැ නැහැ. අපි දන්නවා වෙඩි තැබීම් සිදු වෙනවා. වෙඩි තැබීම් කරන්නේ පරණ දේශපාලන කණ්ඩායම් හදපු පාතාල කණ්ඩායම් තමයි. එයාලා හදලා, පෝෂණය කරන් ගිහින් දැන් ඉතින් දඟලනවා. ඒ දැඟලිල්ලේ ඒවා තමයි තියෙන්නේ තැන තැන. ඒවා මර්දනය කරන්න අවශ්‍යයි. තවම ආයුධ අත්අඩංගුවට ගන්නවා. ඒ අය අත්අඩංගුවට ගැනීම් කරනවා. තව කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා පවත්වමින් ඉන්නවා. දැනටමත් පොලිස් නිලධාරීන් ගිහින් තියෙනවා සමහර රටවලට. ඒ වැඩපිළිවෙළ යනවා. මාස 4-5න් සියල්ල උඩු යටිකුරු කරන්න බෑ. හදපු සමාජයක් තියෙනවා.
පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ නැගෙනහිර උපකුලපතිවරයා අතුරුදන් කිරීම සම්බන්ධයෙන්. දවස් 03ක් යනකොට ඝාතන 05ක් පිළිබඳ තොරතුරු ආවා. දැන් ඔහුට එරෙහිව ඝාතන 21ක තොරුතුරු ඇවිත් තිබෙනවා. එහෙම සමාජයක ආපසු කවුරු හරි ඇහුවොත් ඔබතුමන්ලාගේ කාලයේ වෙඩි තැබීම් වෙනවා නේද කියලා ඒකට වෙන උත්තරයක් නෑ අපිට. අපරාධ කරුවන් නිර්මාණය කරපු දේශයක් එක පාරම උඩු යටිකුරු කරලා අනිත් පැත්ත හරවන්න බෑ. ක්‍රමිකව මේවා මර්දනය කරමින් යනවා.
නීතිය ක්‍රියාත්මක වන ආයතනවලත් යම් පරිහානිමය තත්ත්වයක් තියෙනවා. ඒවා වළක්වන එකත් කරන්න ඕනැ. ඒ නිසා අපි දැන් මහජන ආරක්ෂක කමිටු හදනවා. දෙකෝටි විසි ලක්ෂයක් අතරනේ මේ සියලු නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු වෙන්නේ. ජනතාව මේකට සම්බන්ධ කර ගන්න ඕනෑ. ඒකට පසුගිය 04වැනි චක්‍රලේඛයක් පොලිස්පති නිකුත් කළා. ඒ චක්‍ර ලේඛය අනුව සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකම මහජන ආරක්ෂක කමිටු හදනවා. 25%ක් තරුණ නියෝජනය. කාන්තා නියෝජනය 25%යි. ගමේ විදුහල්පතිවරයා, පූජ්‍ය පක්ෂය, පොලිස්, හමුදා විශ්‍රාමික යන සියලු දෙනා එකතු කරලා හදනවා කමිටු.
ඒවා බලගන්වලා මේ අපරාධ පිළිබඳ තොරතුරුත්, ප්‍රදේශයේ සමගි සාමය පවත්වාගෙන යෑම සියල්ල කරනවා. මේවා ක්‍රම ක්‍රමයෙන් පාලනය කරනවා. වෙඩි තැබීම් හෙටත් වෙන්න පුළුවන්. සියල්ල වළක්වා ගන්න තරම් හැකියාවක් නෑ. හදලා ගිහින් තියෙන්නේ අපරාධ කාරයන්ගේ දේශයක්. ඒ දේශපාලඥයන් පාතාල කණ්ඩායම් නඩත්තු කළා. ඕන තරම් තොරතුරු තියෙනවා දේශපාලඥයන්ට පාතාල කණ්ඩායම් හිටියා කියලා. ඒ පාතාල කණ්ඩායම් ඔවුන් හැදුවා, පෝෂණය කළා, බලය සඳහා පාවිච්චි කළා. ඒ නිසා මේ සිද්ධි තව දුරටත් වෙයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තුන් හතර දෙනෙක් දැන් තොරතුරු දීලා තියෙනවා. පිල්ලෙයාන් 21 දෙනෙක් මරලා තියෙනවා කියලා තොරතුරු ලැබුණා. පිල්ලෙයාන්ගේ කෝටි ගණන් දේපළ පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවා. පිල්ලෙයාන් කියන්නේ දේශපාලනඥයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ලෙස සිටියා. පොහොට්ටුවේ හිටියා. මහ ඇමති කෙනෙක් වෙලා හිටියා. ඔහු මඩකලපුවේ අක්කර 200ක් අයුතු ලෙස අත්පත් කරගෙන තිබෙනවා. බෝට්ටු තියෙනවා. වාහන තියෙනවා. හෝටල් තියෙනවා. ඒ සියල්ල පිළිබඳ විමර්ශන කරනවා.”