මිනිස්සු අපට දුන් ඡන්දයේ ප්‍රතිඵල රටම භුක්ති විඳිනවා….! – මාලිමා මන්ත්‍රී උපුල් අබේවික්‍රම…

December 24, 2025 at 12:07 pm | by emanisa.lk

ප්‍රමිතියෙන් බාල එන්නත් සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුවට නඟන චෝදනා විකාරයක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම පවසයි.

“ඇත්තටම මේ ආපදාව ඇතුළෙ නායගිහින් තියෙන්නෙ විරුද්ධ පක්ෂය. අද වෙනකොට යූඑන්පී එකක් නෑ, පොහොට්ටුවක් නෑ, ශ්‍රීලනිපයක් නෑ, සජබයක් නෑ, මේ ඔක්කොම නන්නත්තාර වෙලා තියෙන්නෙ. මේ පක්ෂවලින් යැපිච්ච, මේ පක්ෂවල ඉඳුල් කකා, මේක ඇතුළෙ පෝෂණය වෙච්ච පණුවෝ වගේ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලො දඟලනවා ඉතින් ඒගොල්ලන්ගෙ අනාගතය අහිමිවීම පිළිබඳ වේදනාවෙන්.

පැහැදිලි විවේචනයක් ආණ්ඩුවට ඉදිරිපත් කරන්න මේගොල්ලන්ට පුළුවන්කමක් නෑ. ඉතින් නමක අවුලක්, උපාධියක අවුලක්, ඇක්සිඩන්ට් එකක් අල්ලන් මේගොල්ලන්ට කෙඳිරි ගහා ඉන්න පුළුවන්. මම දැක්කා මේ දවස්වල එන්නතක් සම්බන්ධයෙන් විපක්ෂය කෙඳිරි ගගා ඉන්නවා. ඒවා මං හිතන්නෙ විකාර කතා.

මේ 2021 දීපු ටෙන්ඩර් එකකට ගෙන්නපු ඖෂධ සම්බන්ධයෙන් මේ ඇතිවෙලා තියෙන කතාබහේදී ආණ්ඩුවක් හැටියට ඉතා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා, ඒවා තහනම් කරලා, ඒවා පිළිබඳ පරීක්ෂණ පවත්වලා අවශ්‍ය මැදිහත්වීම කරලා තියෙනවා. මෙහෙම කැපවෙච්ච ආණ්ඩුවක්, මෙහෙම වැඩකරන ජනාධිපතිවරයෙක්, මෙහෙම වැඩකරන කැබිනට් එකක්, මෙහෙම වැඩකරන මන්ත්‍රීවරු, මං හිතන්නෙ මිනිස්සු තමන් ලබාදීපු ඡන්දයට ප්‍රතිඵල ලබමින් ඉන්න රටක් දැන්.”

පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මේ බව පැවසුවේ ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *