මිදිගම ලසා ලියාපදිංචි අපරාධකාරයෙක්… පොලිස් ආරක්ෂාව ඉල්ලුවත් නුදුන්නේ ඒකයි…! – ඇමති ආනන්ද විජේපාල…

October 24, 2025 at 2:38 pm | by emanisa.lk

ලියා­ප­දිංචි අප­රා­ධ­ක­රු­වන්ට ආර­ක්ෂාව ලබා­දී­මට පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට හැකි­යා­වක් නොමැති බව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල පවසයි.

ඊයේ (23) පාර්ලි­මේ­න්තුව අමතමින් හෙතෙම මේ බව පැව­සීය.

පොලිස් තොර­තු­රු­ව­ලට අනුව වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කර මහතා ලියා­ප­දිංචි අප­රා­ධ­ක­රු­වෙක් බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය. වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කර මහ­තාට පොලිස් ආර­ක්ෂාව නොදීම සම්බ­න්ධ­යෙන් ආණ්ඩු­වට විප­ක්ෂය කරන චෝද­නා­වන්ට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ඝාත­න­යට ලක් වූ ලසන්ත වික්‍ර­ම­සේ­කර නොහොත් මිදි­ගම ලසා අයි.ආර්.සී. අප­රා­ධ­ක­රු­වෙක් බවට ප්‍රසි­ද්ධි­යට පත්ව ඇති බවත් වින්දි­ත­යන් ආරක්ෂා කිරීමේ පනත යටතේ වින්දි­ත­යන්ට සහ සාක්ෂි­ක­රු­වන්ට ආර­ක්ෂාව ලබා­දෙන බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *