මැයි 09 ගිනි තැබීම් වළක්වන්න ශවේන්ද්‍ර වැඩ කරලා නෑ…!

February 25, 2023 at 12:00 pm | by emanisa.lk

මැයි 9 වැනිදා හා මැයි 10 වැනිදා රටපුරා සිදුවූ දේශපාලනඥයින් ඇතුළු පිරිසකගේ නිවාස හා දේපළ විනාශ කිරීම් සිදු වූයේ ආරක්‍ෂක හමුදා හා රාජ්‍ය බුද්ධි අංශවල අඩු ලුහුඩුකම් නිසා දැයි සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව නිකුත් කළ නිර්දේශ වාර්තාවේ පිටපතක් ඊයේ (24) අධිකරණයට භාරදෙනු ලැබීය.

එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා යෙදවිය හැකි පොලිස් විශේෂ කාර්ය බළකායේ හා ත්‍රිවිධ හමුදාවල පුහුණුවලත් ආරක්‍ෂක භට කණ්ඩායම් කැඳවා ඒවා වළක්වා ගැනීමට වැඩබලන ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බව එම වාර්තාව මගින් නිර්දේශ කොට ඇත.

මෙම ත්‍රි පුද්ගල කමිටුවට එහි සභාපති ලෙස වසන්ත කරන්නාගොඩ, හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සම්බන්ධ වූ අතර මෙම වාර්තාවේ මුල් පිටපතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට භාර දී තිබුණි.

එසේ ම ඔහුට එරෙහිව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදුකළ යුතු බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *