මැයි වෙනකල් රටේ තෙල් තියෙනවා… බූලිවලට තෙල් අදින්න තහනම්… තෙල් හැංගුවොත් අත්අඩංගුවට ගන්නවා…! – තෙල් සභාපති….

March 1, 2026 at 12:51 pm | by emanisa.lk

අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඇණවුම් කර ඇති ඉන්ධන තොග ලැබීමේ ප්‍රමාදයක් ඇති නොවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි.

අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, අදාළ ඉන්ධන ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ලැබීමට නියමිත අතර ඒ හේතුවෙන් මැදපෙරදිග ඇතිව තිබෙන ගැටුම්කාරි තත්ත්වය මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් නොවනු ඇති බවයි.

“අපි මේක කියන්නේ වගකීමක් සහිතව. ඒ නිසා පෝළීම්වල ඉන්න එකේ තේරුමක් නැහැ. අපි අද (01) තෙල් බෙදාහරින්න නෙවෙයි හිටියේ. ජනතාව තෙල් පරිභෝජනය කරන නිසා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කරන සියලු සේවකයන් අපි සේවයට කැඳෙව්වා.

දැන් තෙල් නිකුත් කිරීම ආරම්භ කළා. ඒ වගේම හෙට (02) පෝය දිනයක් වුණත්, ‌තෙල් සැපයුම් කරනවා. අපි සියලුම පිරවුම්හල්වලට කියලා තියෙනවා බූලිවලට තෙල් සපයන්න එපා කියලා. බූලිවලට තෙල් අරන් ගිහින් අලෙවි කරන්න උත්සහ කළොත්, අපි නීතිය ක්‍රියාත්මක කරනවා.

අනවශ්‍ය විදිහට තෙල් සංචිත රැස් කරන අය හිටියොත් එයාලාට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. ජනතාව තේරුම් ගන්න ඕන මේ රටේ දැන් තියෙන්නේ නීතිගරුක ආණ්ඩුවක්. නීතියේ ආධිපත්‍යයට සියලු දෙනා යටයි. පෙර විදිහට නෙමෙයි, කවුරු හරි නීතියට පටහැනිව කටයුතු කරනවා නම් ගෙවල්වලට හොයාගෙන ගිහින් හරි ඒ සංචිත රැස්කළ අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *