මැදපෙරදිග යුද ගැටුම ගැන හදිසි සාකච්ඡාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ පක්ෂ නායකයන් කැඳවයි.
විපක්ෂ නායකවරයා විසින් හෙට (03) දින පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජන කරන පක්ෂවල නායකයන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ හමුවක් කැඳවා තිබේ.
ඒ මේ වන විට මැදපෙරදිග කලාපයේ මතුව තිබෙන යුද ගැටුම් හේතුවෙන් එම කලාපයේ සේවය කරන අප රටේ ජනතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ මේ යුද ගැටුම් නිසා ඉදිරියේ දී අප රටට බලපෑ හැකි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් රජය දැනුම්වත් කිරීමේ අරමුණිනි.