යුදමය අවශ්‍යතා සඳහා මෙරට ගුවන්තොටුපළ සහ වරාය සකස් කිරීමට ඇමරිකානු බලධාරීන් මෙරට ආණ්ඩුව සමග සාකච්ඡා කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරංවශ පවසයි.
මේ වන විට ඇමරිකාවට මැදපෙරදිග සියලු කඳවුරු අහිමි වී දියාගෝ ගාසියා පමණක් ඉතිරි වී ඇති පසුබිමක ලංකාව සිය යුද කටයුතු සඳහා උවමනා වී ඇතැයිද ඔහු පෙන්වාදෙයි.
මෙමගින් අපේ රට ආරක්ෂක අවදානමකට ගොදුරු කර ඇතැයිද හිටපු ඇමති විමල් වීරවංශ චෝදනා කරයි.
සිංහල අවුරුදු නැකැත් ටික හදාගත නොහැකි වුවද පසුගිය වසරේ සිංහල අවුරුද්ද සැමරීමට ජනාධිපති හෝ අගමැතිනිය එකතු නොවුණද යාපනයට ගොස් තෛපොංගල් සැමරීමට රු. ලක්ෂ 110ක් වැය කර ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.
ගම්පහ පැවති උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.