මැති ඇමැති බංගලා 31ක් රාජ්‍ය ආයතනවලට කුළියට දෙයි…!

November 30, 2024 at 11:18 am | by emanisa.lk

පසුගිය ආණ්ඩු සමයේ අමාත්‍යවරුන්ට ලබා දී තිබූ සුඛෝපභෝගී බංගලා 31 සඳහා ගත යුතු පියවර පිළිබඳව අවසන් තීරණයක් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්ගෙන් ලිඛිතව විමසා ඇතැයි වාර්තා වෙයි.

මෙම ඇමති බංගලා කුලී පදනම මත ලබා ගැනීමට රාජ්‍ය ආයතන කිහිපයක් දැඩි තරඟයක නිරත වීම නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත. තමන් වසර ගණනක සිට රුපියල් කෝටි ගණන් වියදම් කරමින් පෞද්ගලික ගොඩනැගිලිවල කුළියට සිටින බවත් වත්මන් ඇමැතිවරුන් මෙම සුඛෝපභෝගී බංගලා භාවිත නොකරන නිසා එම බංගලා සාධාරණ කුළී මුදලකට රාජ්‍ය පාර්ශ්වයන් වන තම ආයතනවලට ලබා දෙන ලෙසත් ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී ඇත.

කොළඹ 05, කොළඹ 07, කේන්ද්‍ර කරගත් ඇමති බංගලා 31ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සතු වේ.
ඒවා විජේරාම මාවත, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, ග්‍රෙගරි මාවත, බෞද්ධාලෝක මාවත, කැප්පෙටිපොළ මාවත, ස්ටැන්ලි යනාදී ප්‍රදේශවල මෙම බංගලා නිවාස පිහිටා ඇත. ඇතැම් බංගලා අක්කර එකහමාරක පමණ භුමි සීමාවල පිහිටා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *