මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය ආණ්ඩුවේ මන්ත්‍රීවරු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
වත්කම් බැරකම් ප්‍රකාශය භාරදීම සඳහා ලබාදී තිබූ කාලය ජුනි මස 30 වැනිදා ගෙන් අවසන් විය.
මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ භාරදී නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80ක් සිටින අතර ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
මේ අතර ජුනි මස 30 වැනිදා වන විට වත්කම් බැරකම් බාර දී තිබූ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පාර්ලිමේන්තු බලධාරීන් විසින් පෙරේදා (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත භාර දී ඇත.