මැති ඇමතිවරුන්ට මඩ ගහන කුමන්ත්‍රණයක්…ඇමති ජයකොඩි උපාධියත් අරන් CIDයට…!

December 17, 2024 at 9:55 am | by emanisa.lk

තමන් උපාධිය සම්පූර්ණ නොකළ පුද්ගලයෙකු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය උපාධි සහතිකය ද පෙන්වමින් ඔහු කියා සිටියේ රජයේ මැති ඇමැතිවරුන්ට මඩ ගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි.

පක්ෂයක් ලෙස පරාජිත දේශපානඥයන් ගෙන යන කුමන්ත්‍රණය හෙළි කිරීමට තීන්දු කළ බව ද ඇමති ජයකොඩි සඳහන් කරයි.

පාර්ලිමේන්තු දත්ත ගබඩාවේ ඇති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 30 දෙනෙකුගේ පමණ තොරතුරුවල සාවද්‍ය තොරතුරු අඩංගු වන බව පෙනෙන බවද අමාත්‍ය ජයකොඩි පෙන්වාදුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *