2022 ගෝල්ෆේස් අරගල සමයේදී දේපළ හානි වූ මැති ඇමතිවරුන් ලබා ගෙන තිබෙන වන්දි මුදල් ඔවුන් ඉදිරිපත්කර තිබෙන වත්කම් බැරකම් ප්‍රකාශ සමඟ ගැලපෙන්නේ ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම දේපළ විනාශ වීමට අදාළව මැති ඇමතිවරු ලබාගෙන තිබූ වන්දි මුදල් සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මැති ඇමතිවරු ඉහළ වටිනාකමක් තිබුණු ඔවුන්ගේ එම දේපළ රක්ෂණය කර තිබුණේ ද නැද්ද යන්න පිළිබදව ද සොයා බැලීමට නියමිත බව සඳහන්ය.
යම්කිසි ලෙසකින් එම දේපළ රක්ෂණය කර නොතිබුණා නම් එම දේපළවල සැබෑ හිමිකාරීත්වය හෙළිදරව් වීම වැළැක්වීම සඳහා එසේ කර තිබුණා ද යන්න පිළිබඳව ද විමර්ශනය කරනු ඇත.