මැතිවරණ ඉතිහාසය අලුතින් ලියවෙයි.. දෘෂ්‍යාබාධිත සභාපති මාලිමා ජාතික ලැයිස්තුවට..!

October 11, 2024 at 11:07 am | by emanisa.lk

ජාතික ජන බලවේගය විසින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා ජාතික ලැයිස්තුවට නම්කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සුගත් වසන්ත ද සිල්වා සහාය පළකළ අතර, ඔහු සමාජ ක්‍රියාකාරිකයකුද වේ.

සුගත් වසන්ත ද සිල්වාට මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වුවහොත් ඔහු මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු දෘෂ්‍යාබාධිත පුද්ගලයා වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *