තමන් විශේෂඥ වෛද්‍යවරයෙක් නොවන බව නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා සඳහන් කරයි.
එහෙත් පසුගිය මහ මැතිවරණ කාලසීමාවේ දී ප්‍රචාරක පත්‍රිකාවල තමන් විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සඳහන් කර ඇත්තේ අදාළ ප්‍රචාරක පත්‍රිකා නිර්මාණය කරන පුද්ගලයන් විසින් බවද හෙතෙම කියා සිටී.
තමන් ඒවා දුටු මුල් අවස්ථාවේම එය නිවැරදි කරන ලෙසත් බෙදා නොහැරින ලෙසත් දැනුම් දුන් නමුත් මැතිවරණ කාලසීමාව තුළ මොනයම් හේතුවක් නිසා හෝ ඒවා බෙදා ඇති බව ද ප්‍රකාශ කරයි.
තමන් මේ සම්බන්ධයෙන් පෙරදීම දැනුම්වත් කළ බවත් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තම සමාජ ජාලයේ සටහනක් තබා ඇති බව ද රස්වි සාලි සඳහන් කරයි.